බරපතළ වංචා දූෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ නිල කාලය අදින් (03දා) අවසන් වේ. කොමිසමේ නිල කාලය තවත් මාස 06න් දීර්ඝ කරන ලෙස කොමිසම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණද එය මෙතෙක් සිදුවී නොතිබුණි. බරපතළ වංචා දූෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම 2015 වසරේ පිහිටුවේය.
කොමිසමට පැමිණිලි 2000ක පමණ ප්රමාණයක් ලැබී ඇති බව කොමිසමේ ලේකම් එච්. ඩබ්ලිව්. ගුණදාස මහතා පැවසීය