බය නැතුව කියනවා - මේවසරේ වැට් නැහැ
ආණ්ඩුව වැට් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම පළාත් සභාවෙත ඉදිරිපත් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
වැට් පනත් කෙටුම්පතට එරෙහිව ගම්මන්පිල මහතා ගොනුකළ පෙත්සම අද (17දා) ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගයට ගත් අතර, ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.
වැට් පළාත් සභා ලැයිස්තුවට අයත් වන විෂයයක් බැවින් එය පළාත් සභාවල මතය විමසමින් කළ යුතු බවත්, එසේ නොකළ බැවින්මෙවර වැට් පනත් කෙටුම්පත දෝෂ සහිත බවත් හෙතෙම කීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“වැට් කියන්නේ පිරිවැටුම මත ප්‍රතිශතයක් ලෙස පනවන බද්දක්. පළාත් සභා ලැයිස්තුවේ 36 (1) වගන්තියට අනුව පිරිවැටුම් බදු අයත්වෙන්නේ පළාත් සභාවට. පළාත් සභා විෂයයක් පිළිබඳ මධ්‍යම ආණ්ඩුව නීතියක් ගෙන එනවානම් මුලින් සියලුම පළාත්සභාවලට යවලා එහි අදහස විමසන්න ඕනෙ. පළාත් සභා සියල්ලම එකඟනම් පාර්ලිමේන්තුවට සාමාන්‍ය බහුතරයෙන් සම්මත කරන්න පුළුවන්. එක් පළාත් සභාවක් හෝ විරුද්ධනම් 2/3 විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතුයි.
නමුත් පාර්ලිමේන්තුවට වැට් පනත යොමු කිරීමට කලින් එය පළාත් සභාවලට ඉදිරිපත් කරනෑ. ඒ නිසා ගියපාර වගේම විධිමත්ව ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව තුළ විවාද කර සම්මත කරගැනීමට පාර්ලිමේන්තුව ඉදිරියේ නැත කියන තර්කය අද අපි ශේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. ඒක ඉතාම ප්‍රබල තර්කයක්. ඒ නිසා නැවත වතාවක් මේක හකුළාගෙන මෙදා පාර පළාත් සභානවයත් වන්දනා කරගෙනම තමයි ආණ්ඩුවට වැට් පනත් කෙටුම්පත ගේන්න වෙන්නේ.
ඒ වගේම මේ පනතෙන් කියනවා බදු නොගෙවා සිටීම වරදක් කියලා. වර්තමානයේ නීත්‍යනුකූල දෙයක් අතීතයට බලපාන්න නීති විරෝධී කරන්න බෑ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි වගන්තිය අනුව එය මූලික අයිතිවාසිකම් කඩකර තිබෙනවා. මේ මූලික අයිතිවාසිකම් කඩවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වැනි වගන්තිය කඩකිරීමක් වෙනවා. තුන්වැනි වගන්තියට පටහැනි පනතක් ගෙන එනවානම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට ලක්කළ යුතුයි* යනුවෙන්ද කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

