දඹුල්ල වීර මොහාන් ජයමහ විදුහලේ ගොඩනැගිල්ලක බඹර වදයක් බැඳීම හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සඳහා එම විදුහලේ පළමු වසරේ සිට පහ වසර දක්වා සහ හත් වැනි වසර පන්තිවල ඉගෙනුම ලැබූ දරුවන්ට අද (07දා) නිවාඩු ලබාදුන් බව විදුහල්පති ඒ.එම්.ඒ.ජී. ජයානන්ද මහතා පැවසීය.
අද (07දා) උදෑසන පාසලට දරුවන් පැමිණෙද්දී ගොඩනැගිල්ලක පිටතින් වහල කොටසක විශාල බඹර කූඩුවක් බැඳ දැක සිසුන් විදුහල්පතිවරයා දැනුවත් කර ඇත.
කුඩා දරුවන් ඉගෙනගන්නා පන්ති කාමර ආශ්රිතව මෙය තිබීම නිසා දරුවන්ට අනතුරක් සිදුවේයැයි සිතා කලාප කාර්යාලය දැනුවත්කර පාසලට පැමිණි මෙම පන්ති හයේ දරුවන්ගේ දෙමාපියන් ගෙන්වා නිවාඩුදී පිටත්කර යවා තිබේ.
මේ පිළිබඳව සීගිරිය වනජීවි කාර්යාලයට දැනුම්දී බඹර කූඩු ඉවත්කිරීමට පියවර ගන්නා බව විදුහල්පතිවරයා පැවසිය.