මාතර බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටි රැඳවියෙකු එම බන්ධනාගාරය තුළ අද (19දා) උදෑසන සියදිවි හානිකරගෙන සිටියදී හමුවී තිබේ. මාතර, වටගෙදර නවදගල පදිංචි හතළිස් නව හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇත.
මෙම රැඳවියා 2013 වසරේ ළමා අපචාර චෝදනාවක් එල්ලවී තිබූ මෙම පුද්ගලයා පසුගිය 14 වැනි දින සිට වසර දහයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් විඳිමින් සිට ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.
මෙය මුලික කොට ගෙන ඔහුගේ ඥාතින්ද ඔහු බැලිමට පැමිණි විට බැනවැදී ඇති අතර මේ පිළිබඳ සිත්තැවුලෙන් මෙසේ වැසිකිළිය තුලදි ගෙල සිරකරගෙන ජිවිතක්ෂයට පත්වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
පසුව බන්ධනාගාර නිලධාරින් ඔහුව මාතර මහා රෝහල වෙත රැගෙන ගොස් තිබූ අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
ගාල්ල ජිනේෂ් නානායක්කාර/ මාතර මහේෂ් මලවරආරච්චි