බන්ධනාගාරගත වන රැඳවියෙකු බන්ධනාගාර රෝහලටඇතුළත් කරගැනීමේදී වෛද්‍යවරුන් තිදෙනෙකුගේ අනුමැතිය යටතේ එය සිදුකරන ලෙසට විෂය භාර අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
මීට අමතරව අදාළ වෛද්‍ය වාර්තා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වෙත වැඩිදුර විමර්ශනය සඳහා යොමුකරන ලෙසටද උපදෙස් ලබා දී ඇත.
බන්ධනාගාරගත වන රැඳවියෙකුගේ අසනීප තත්ත්වයන් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමේදී මෙතෙක් සලකා බලා තිබෙන්නේ එක් වෛද්‍යවරයෙකුගේ නිර්දේශ පමණි.
මේ හරහා විවිධ අක්‍රමිකතා සිදුවන බවට අමාත්‍යාංශයට පැමිණිලි ලැබීම නිසා අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.