බන්ධනාගාර ගතකරපු විටම සිරගත කරනලද පුද්ගලයන්ට ලෙඩවීමේ හැකියාවන් නොපවතිව බවද ඒය තීරණය කළ යුත්තේ බන්ධනාගාර වෛද්‍යවරයාගේ සහතිකය මතබවත් නීතීඥ ජේ සී වැලිඅමුණ මහතා පැවසීය. එමෙන්ම වෘත්තියට ලැජ්ජා වන අයුරින් කටයුතු කරණ වෘතිකයන් පිළිබද කණගායුවන බවත් හෙතම පැවසුයේ ස්වාධීන රූපවාහිනියේ ‘නඩුව‘ වැඩසටහනට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු වැලිඅමුණ මහතා,
'අධිකරණ සේවා කොමිසම මඟින් විනිශ්චයකාරයවරුන්ගේ අවධානය සඳහා කිසියම් චක්‍රලේකයක් නිකුත්කර තිබෙනවා. එහි කියන්නේ සිරගත කරනලද පුද්ගලයකුගේ යම්කිසි සෞඛ්‍ය පහසුකමක අවශ්‍යතාවයක් තිබේනම් ඒ පිළිබද මොවද කරන්න පුලුවන් කියලා. කාටවත් කියන්න බැ ඔහුව මහ ඉස්පිරිතාලයට දානවද, එහෙම නැත්නම් ගෙවන වාට්ටුවකට දානවද කියලා. ඒක අධිකරණ කටයුත්තන් නෙවෙයි. සැම බන්ධනාගාරයකම පාහේ තිබෙනවා එයටම අදාල වාට්ටුවක්. එහි වෛද්‍යවරයාගේ අවධානයට පමණයි සිරගත කරනලද පුද්ගලයාව යොමුකරන්න පුලුවන් . ඒ වෛද්‍යවරයාට වෛද්‍ය නියමයන් මත පමණයි වෙනත් තැනකට මාරු කරන්න පුලුවන්. මෙතන තියෙන ලොකුම ප්‍රශනය තමයි වෛද්‍යවාර්තාවල තිබෙන සැකකටයුතු බව. ලංකාවේ අපි වෘතිකයන් ලෙස තමන්ගේ ගෞරවය සැලෙසන ආකාරයට කටයුතු නොකිරීමස පිළිබඳව ලැජ්ජාවිය යුතුයි. එවගේම එවැනි වෛද්‍යවරුන් පිළිබඳ සොයාබැලීම සෞඛ්‍ය අමාත්‍යංශයේත් වගකීමක් වෙනවා.'යනුවෙනි. අලුතින් පිහිටවූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතියට එකඟ බවද මෙයට සහභාගී වු නීතීඥ ජේ සී වැලිඅමුණ සහ උපුල් ජයසූරිය මහත්වරු පැවසුහ.