හොමාගම ප්‍රදේශයේ පැවැති දේශපාලන රැස්වීමට අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නොපැමිණිම ගැන තමන් කණගාටුවෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පැවැසීය. එසේම හෝමාගම ආසනයේ දේශපාලන කටයුතු පිළිබඳව පක්ෂය නිරන්තයෙන්ම අවදානයෙන් සිටින බවත් අමාත්‍යවරයා පැවැසීය.
“හෝමාගම ආසනයේ දේශපාලන තත්ත්වය ගැන පක්ෂය නිරන්තරයෙන් ඇහැගහගෙන ඉන්නේ. ආසනයේ කැබිනට් ඇමති කෙනෙක් ඉන්නවා. පළාත් සභාවේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රී කෙනෙක් ඉන්නවා. හෝමාගම ආසනය ගැන පක්ෂය දෙන උපදෙස් අනුව මේ අය කටයුතු කළ යුතුයි. යමක් කෙරුණොත් සිද්ද වුණානේ කියලා ඉන්න බෑ. අද බන්දුල ගුණවර්ධන ඇමතිතුමා මෙතනට ආපු නැති එක ගැන කනගාටුවෙනවා. මේ ගැන අප සාකච්ඡා කළ යුතුයි. “ යැයි හෙතෙම වැඩිදුරටත් පැවැසීය.