බදුල්ල පහලවත්ත අප්පුහාමි වළ අසල බදුලුඔයේ දිය නාමින් සිටි පියෙකු සහ දියණියන් තිදෙනෙකු එහි සැඬ පහරකට හසුව ගසාගෙන යද්දී ඔය අසල සිටි තරුණයෙකු විසින් පියාගේ සහ දියණියන් දෙදෙනෙකුගේ දිවි බේරාගැනීමට සමත්ව ඇත.
මෙම සිද්ධියෙන් අනෙක් දියණිය දිය රකුසාට ගොදුරුව ජීවිතක්ෂයට පත්විය. නියාස් ෆාතිමා ශාලිකා (13) මෙසේ මරණයට පත් වී ඇත.
තිදෙනෙකුගේ දිවි ගලවාගත් ඉන්දික කුමාර (18) තරුණයා මෙසේ පැවසීය
' සවස 4-00 ට විතර මමයි යාළුවයි බයිසිකලේ මෙතනින් එනකොට සෙනග කෑගහන ශබ්දයක් ඇසුණා. මම දැක්කා මේගොල්ලන් ගහගෙන යනවා. මම වහාම බයිසිකලය පැත්කට දාලා ඔයට පැන්නා. මම දුවගෙන ගිහිල්ලා පැනලා තුන් දෙනෙක් බේරාගත්තා'