බදුල්ල පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක්
- 25 05 2015
- 10:22
- {{hitsCtrl.values.hits}} views
- . .
බදුල්ල පොලීසියේ නිළධාරින් දෙදෙනෙකු ඊයේ (24දා) රාත්‍රී 8.30 ට පමණ වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා බදුල්ල කණුපැලැල්ල ප්‍රදේශයට ගිය අවස්ථාවේදී පස් දෙනෙකුගෙන් පමණ පුද්ගලයින් පිරිසක් පහරදීම නිසා අසාධ්‍ය තත්ත්වයෙන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතයි බදුල්ල පොලීසිය පවසයි.
පහර දුන් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි බදුල්ල පොලීසියේ නිළධාරීන් පිරිසක් මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරයි.
බණ්ඩාරවෙල රවිඳු දසුන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
