බදුල්ල මහ නගර සභාවට අයත් බදුල්ල වින්සට් ඩයස් ක්‍රීඩාංගණය අසල ඇති කුණු කන්දේ හටගත් ගින්න දින හතරකට පසු අද සවස (12දා) සම්පූර්ණයෙන්ම නිමා දමා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ඌව පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක මහතා පැවසීය.
බදුල්ල මහනගර සභාව මගින් ප්‍රදේශයේ කසළ ගෙනැවිත් අක්කර භාගයක පමණ භූමි ප්‍රදේශයක වසර දහයක පමණ කාලයක සිට කසළ එකතු කරමින් කොම්පොස්ට් පොහොර ව්‍යාපෘතියක් පවත්වාගෙන යමින් සිටියදී පසුගියදා (09දා) සවස හදිසියේ ගින්න හටගෙන තිබේ.
කුණු කන්ද දින හතරක් ගිනි ගැනීම නිසා ප්‍රදේශයම දූමාරයෙන් වැසී තිබීමත් සමග පැවැති පාරිසරික ගැටලු හේතුවෙන් පෙරේදා (11දා) බදුල්ල නගරයේ පාසල් පහක් වසා තැබීමටත් සිදුවිය.
ගුවන් හමුදාවට අයත් හෙලිකෝප්ටර් දෙකක්ද ගින්න නිවීමට කටයුතු කටයුතු කළේය. ගින්න හේතුවෙන් ඊයේ (11දා) සිට ලබන 17 වැනිදා දක්වා වසා දැමූ පාසල් පහ අද සිට යළි විවෘත කළ බව ඌව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ පියදාස රත්නායක මහතා පැවසීය.
විස දුමත් සමග බදුල්ල විහාරමහා දේවා බාලිකා විදුහල, ඌව විදුහල, ධර්මදූත විදුහල, දෙමළ බාලිකා විදුහල සහ අල්අදාන් විදුහල් මෙසේ වසා දැමූ පාසල් වේ.
ඇල්ල - ප්‍රසාද් රුක්මල්/ලුණුගල - ප්‍රසන්න පත්මසිරි