බදුල්ල වින්සන් ඩයස් ක්රීඩාංගණය අසල බදුල්ල මහා නගර සභාව විසින් පවත්වාගෙන යනු ලබන කසළ ප්රතිචක්රීකරණ ඒකකය අසල කුණු කන්දට ගිනි තැබීම නිසා පෙරේදා (09දා) සවස සිට එම ප්රදේශය පුරා විශාල දූමාරයක් පවතින බව ප්රදේශවාසීහු පවසති.
මේම බදුල්ල මහා නගර සභාව විසින් තැබූ ගින්නක් නොවන බවත් මේම දූමාරය පවතින ප්රදේශවල ජනතාව මුඛ ආවරණ පැලඳය යුතු අතර ගින්න මැඬ පැවැත්වීමට කටයුතු කරන බවත් බදුල්ල මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ඩබ්ලිව්. රන්දෙනිය මහතා පැවසීය.
බදුල්ල - පාලිත ආරියවංශ/ලුණුගල - ප්රසන්න පද්මසිරි/ ඇල්ල - ප්රසාද් රුක්මල්