විදුලි කාර් සඳහා නොව තෙල්වලින් ධාවනයවන වාහන සඳහා බදුවැඩිකළ යුතුබව පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී අද(12) පැවසුහ. ගල්අගුරුවලීන් ඈත්ව පරිසර හිතකාමී බලශත්ති ප්‍රභවයන් වෙත යොමුවීමේ කාලය එළඹ ඇතිබවත් පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධන කිරීම රජයේ ප්‍රතිපත්තිය උනත් තෙල්සමාගම්වලට දරදිය ඇදපු සමහර නිළධාරීන් ගල්අගුරුවලටම රට ඇදගෙන යන්න උත්සහ කරනවා යැයිද හිමියෝපැවසුහ. නමුත් ජනතාව ජනවරම ලබාදුන්නේ එයට නොවන බව එම නිළධාරීන් දැනගතයුතු බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ. පොහොර සහනාධාරය පෙරටත් වඩා වැඩිකරලා තියෙනවා. නමුත් අපි පොහොර සහනාධාරය ලබාදෙන්නේ මුදලින්. පරිසර සමුලුවලදී අපි ගත්තු තීරණයක් අනුවයි අපි මේතීරණය ගත්තේ. කවුරුහරි ඒක ආපසු හරවන්න හදනවානම් ඒක ලොකු මෝඩකමක්
2030 වෙද්දී සම්පුර්ණයෙන්ම ගල්අගුරුවලින් තෙල්වලින් අයින් වෙන්න කියලා කියනවා. ලොකයට ගැලපෙන ස්මාර්ට් විදුලි පද්ධතියක් ඇතිකළ යුතුයි. විදුලි කාර්වලට නොවෙයි තෙල්වලින් යන වාහනවලටයි බදු අයකරන්න ඔන. ඒකට විසදුමක් මුදල් ඇමතිතුමා දෙයිකියලා මම හිතනවා යැයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.