මෙම වසරේ ජනවාරි සිට ජුනි දක්වා වූ කාලය තුළ බදු ආදායම බිලියන 100කින් ඉහළ ගොස් ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
රජයේ පුවත්පත් දෙපාර්තමේන්තුවේදී අද (17දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පවසා සිටියේය. ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආදායම 38%කින්, රේගු ආදායම 40%කින් හා සුරා බදු ආදායම 12%කින් වැඩි වී ඇති බවට වාර්තා වේ.