බත්තරමුල්ල ආශ්රිත ප්‍ර‘දේශවල පිහිටි රජයේ ආයතනවල රැකියාවලට පැමිණෙන රාජ්‍ය සේවකයන්ට 50% ක බස් ගාස්තුවක් අය කරගන්නා බස් සේවාවක් ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
අධිවේගී මාර්ග හරහා මෙම බස් සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මෙහිදී මාතර සිට ප්‍රධාන බස් නැවතුම් පොළවල් හා මීගමුවේ සිට පවතින බස් නැවතුම් පොළවල් මූලික කරගනිමින් මෙම සේවාව ආරම්භ කරන බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මෙලෙස පැමිණෙන බස් රථවලට බත්තරමුල්ලේ බස් නැවතුම් පොළක් සකස් කරදීමට මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පොරොන්දු වූ බවද ඔහු පවසා සිටියේය.
අර්ථ සුඛෝපභෝගී සේවාවක් ලෙස මෙම සේවාව ක්‍රියාත්මක කරන බවත්, ගාස්තු අය කිරීමේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැනට අය කරන ගමන් ගාස්තුවට වඩා 50% ක් අඩුවෙන් අය කරගැනීමට සැලසුම් කර තිබෙන බවත් සභාපතිවරයා කියා සිටියේය.
මේ අනුව මාතර සිට බත්තරමුල්ල ප්‍ර‘දේශයට ගමන් ගැනීම සඳහා රුපියල් 240 ට අඩු මුදලක් සහ ගාල්ලේ සිට රුපියල් 175 ක මුදලක් පමණක් අයකරන බවත්, මෙය කාර්යාල සේවා ලෙස ක්‍රියාත්මක කරන බවත් හෙතෙම සඳහන් කළේය.