මෙවර අයවැය බඩුමිල අඩුවීමේ ආස්වාදය මහජනතාවට විඳීමට ලැබෙන්නේ මාසයක් හෝ දෙකක් පමණක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා අද (22දා) පැවසීය.
අයවැය යෝජනාවලියේ විස වසා දැමීමේ අරමුණෙන් තාවකාලිකව බඩුමිල අඩුකර තිබෙන බව පැවසූ වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, හැකිනම් මාස 6 ක් පුරා බඩුමිල අඩුකර පෙන්වන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බවයි.
ජාතික නිදහස් පෙරමුණේ ප්රධාන කාර්යාලයේදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව පවසා සිටියේය.