කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පරගලතැන්න දෙල්වල මූකලාන කන්දේ නායයාමේ ලක්ෂණ මතුවූ නිසා ඊයේ (22දා) සවස සිට එහි වළදුර, විතානකන්ද සහ මිල්ලගස්තැන්න යන ගම්වල පදිංචි පවුල් හැට පහක දෙසිය හතළිස් අට දෙනෙක් නිවෙස්වලින් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමුකළ බව කුරුවිට ප්‍රාදේශීය ලේකම් ඒ.එස්.ජේ.ගොඩැල්ලවත්ත මහතා පැවසීය.
මෙසේ ඉවත් කළ පිරිස් අතරින් කොටසක් එක්නැලිගොඩ විද්‍යාලයේ රඳවා ඇති අතර තවත් පිරිසක් සිය ඥාති ගෙවල්වල තාවකාලිකව වෙසෙන බවද ඔහු පවසා සිටියේය.
ආසියාවේ ආදිම මානවයා වූ බළන්ගොඩ මානවයාගේ ඇටකටු හමුවු බටදොඹ ලෙනට පහළින් මෙම නායයාමේ අවදානම පිහිටි ප්‍රදේශය පිහිටා ඇති බවද ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.
අජිත්ලාල් ශාන්තඋදය