(UPDATE)9.35 AM බංග්ලාදේශයේ ප්‍රකට අවන්හලකට එල්ල වූ අයි.එස්. ප්‍රහාරයට මැදිව සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනා අනතුරකින් තොරව බේරාගෙන තිබෙන බව වාර්තාවෙනවා.
බංග්ලාදේශයේ ප්‍රකට අවහන්හලට එල්ල වූ ත්රස්තප්රහාරයට ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් මැදිව ඇති බවට සැකකරන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසනවා.
අවහන්හලේ සිටි පුද්ගලයින් ප්‍රාණ ඇපටය තබා ගැනිමට අයි.එස්. ත්‍රස්තයින් කටයුතු කර තිබෙන අතර ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමට බංග්ලාදේශ ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඩකා හි සිටින ශ්‍රී ලංකා විදේස් දූත මණ්ඩලයේ දෙවැනියා පොලීසිය හා සම්බන්ධ වෙමින් මේ පිළිබඳව සොයා බලන බවයි.