බංග්ලාදේශ නාවික හමුදාවට අයත් 'බන්ගාබන්දු' නෞකාව සුහද සංචාරයක් සඳහා අද (22දා) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
සිවුදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්රීඩා තරග, සංස්කෘතික වැඩසටහන්, ශ්රී ලංකාවේ වැදගත් ස්ථානවල සිදුකරනු ලබන සංචාරයන් ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා එහි නැව්මුළුව සහභාගි වීමට නියමිතය.
නෞකාව කොළඹ වරායට සේන්දු වීමෙන් අනතුරුව, එහි අණදෙන නිලධාරී කපිතාන්, සයිඩ් ෂයිෆ් උල් ස්ලාම් මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවූහ.