උතුරුදිග බංග්ලාදේශයේදී ජපන් ජාතිකයෙකුද IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන්ගේ වෙඩි පහරට ලක්ව තිබේ.
ඩකා අගනුවරදී ඉතාලි ජාතික සහන සේකයෙකු වෙඩි තබා ඝාතනය කර දින කිහිපයක් ගත වීමට පෙර සිදුකළ මෙම වෙඩි තැබීමත් සමග බංග්ලාදේශයේ ඉස්ලාම් රාජ්‍ය අන්තවාදයේ හිස එසවීම වඩාත් දරුණු තත්ත්වයකට පත්ව තිබේ.
මෙසේ මරා දැමුණු ජපාන ජාතිකයා උතුරුදිග බංග්ලාදේශයේ රංපූර් නගරයේ කෘෂි ව්‍යාපෘතියක සේවය කළ අයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
ඔහු සිය වැඩබිම කරා ගමන් කරමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරට ලක්ව ඇති අතර, මෙම වෙඩි තැබීමද IS ඉස්ලාම් රාජ්‍ය අන්තවාදීන් විසින් බාරගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.