(UPDATE) බංග්ලාදේශයේ ඩකා අගනුවර හෝලි ආටිසන් බේකරි අවන්හලකට එල්ල වූ IS ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය මැඬලූ බවත්, එහි සිටි ප්‍රාණ ඇපකරුන් 13 දෙනෙකු මුදාගත් බවත් එරට ක්ෂණික විහිදුම් බලකා ප්‍රධානියා උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය කියයි.
ඉන් තිදෙනෙකු විදේශිකයන් බවත්, සෙසු දසදෙනා බංග්ලාදේශ ජාතිකයන් බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ. මේ අතර සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කර තිබුනේ 14 දෙනෙකු මුදාගත් බවයි.
මේ අතර, හමුදාව ගොඩනැගිල්ල තුලට කඩා වැදී ප්‍රහාරයට පැමිනි ත්රස්තයන් 6 දෙනෙකු ඝාතනය කර තිබේ. කෙසේ ෙවතත් ප්‍රහාරය සඳහා ඉස්ලාමීය ත්රස්තයන් හයත් දහයත් අතර පිරිසක් පැමින ඇති බවට තොරතුරු වාර්තා වන බැවින් පොලීසිය හා හමුදාව එක්ව දැඩි සෝදිසි මෙහෙයුමක් අරඹා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
බංග්ලාදේශයේ ඩකා අගනුවර ප්‍රකට අවන්හලකට කඩා වැදුණු IS රාජ්‍ය ත්රස්තයන් එහි සිටින පුද්ගලයන් ප්‍රාණ ඇපයේ තබා ගනිමින් පොලීසිය හා හමුදාව සමග වෙඩි හුවමාරුවක් සිදුකරන බව විදෙස් වාර්තා පවසයි.
ඊයේ (01දා) රාත්‍රී කාලයේදී ඇරඹි මෙම සිදුවීම අද උදෑසන වනවිටත් පැවති අතර, අවන්හල තුළ විදේශිකයන් ඇතුළු 20 දෙනෙකු පමණ රැඳී සිටි ඇති බවද කියයි.
මෙම ප්‍රහාරයෙන් මේ වනවිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව බංග්ලාදේශ ආරක්ෂක අංශය පවසයි.
එරට රජයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට ප්‍රහාරකයන් සමග සාකච්ඡාවක නිරත වුවත්, එය ව්‍යර්ථ වූ බැවින් ප්‍රතිප්‍රහාරයක් දියත් කර ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට රජය තීරණය කර ඇති බවයි.
හෝලි ආටිසන් නමැති මෙම අවන්හල වෙත ත්රස්තවාදීන් අටත් නවයත් අතර පිරිසක් ඇතුළු වී ඇති බවත්, ඔවුන් ගිනි අවි හා අත්බෝම්බවලින් සන්නද්ධව සිටින බවත් ආරක්ෂක අංශ විශ්වාස කරයි.
මේ අතර, අද අලුයම් කාලය වනවිට ආරක්ෂක අංශ හා ත්රස්තයන් අතර අවස්ථා කිහිපයකදීම වෙඩි හුවමාරුවක්ද සිදුව තිබේ.
IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර, ඔවුන් පවසන්නේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 24 දෙනෙකු මරා දැමූ බවයි. කෙසේ වෙතත් ආරක්ෂක අංශ එය ප්‍රතික්ෂේප කරන අතර, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පමණක් ජීවිතක්ෂයට පත්වූ බවත්, තවත් 20කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් කියයි.
ප්‍රාණ ඇපයේ රඳවාගෙන සිටින විදේශිකයන් අතර ඉතාලි හා ඉන්දීය ජාතිකයන් සිටින අතර, බංග්ලාදේශයේ ඉතාලි තානාපතිවරයා පවසා සිටියේ ඉතාලි ජාතිකයන් හත් දෙනෙකු එහි සිටින බවයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම ත්රස්තයන් සමග සාකච්ඡාවලින් ඵලක් නොවන බවයි. ඔවුන් මරාගෙන මැරෙන ප්‍රහාරකයන් පිරිසක් බවත් ඔහු කියයි.
රාමසාන් සමයේදී විදේශීය ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන බවට IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් කළ අනතුරු ඇඟවීමට අනුව ඔවුන් මේ වනවිට යුරෝපයේ, මැදපෙරදිග හා ආසියානු කලාපයේද මේ ආකාරයෙන් සිය ප්‍රහාර දියත් කරමින් සිටින බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.