ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර මාධ්‍ය සහයෝගීතාව ඇතුළත් යාන්ත්‍රණයක් සකස්කිරීමට දෙරටේ අවධානය යොමුවිය.
එහිදී මාධ්‍ය සහයෝගීතාවය පිළිබඳ පුහුණුව, දෙරටේ මාධ්‍ය නියෝජිත හුවමාරුව පිළිබඳව අවධානය යොමු කිරීමට නියමිතය.
බංග්ලාදේශ ප්රවෘත්ති අමාත්‍ය හසන් හක් ඉනු අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් අද උදෑසන දිවයිනට පැමිණි අතර එම දූත පිරිස හා ජනමාධ්‍ය අමත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතර සිදුවූ හමුවකදී ඉහත කරුණ පිළිබඳව අවධානය යොමුවිය.