බංග්ලාදේශ නාවික හමුදාවට අයත් සොමුද්රා අවිජාන් නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (23දා) කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්රදායානුකූලව ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.
ඉන් අනතුරුව එම නෞකාවේ අණදෙන නිලධාරී, කොමාන්ඩර් එම්. මොන්ටෘසමාන් මහතා ඇතුළු නිලධාරීන් හා බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වූහ. එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් සිදුවිය.
සිවුදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකා කාර්යය මණ්ඩලය දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළදී ශ්රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද සුහද ක්රීඩා තරග ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගී වීමට නියමිතය. නිල සංචාරයෙන් අනතුරුව ලබන 26 වැනිදා මෙම නෞකාව කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.