කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ප්‍රමුඛතා මංතීරුව මගී ප්‍රවාහන බස්රථවලට අමතරව පාසල් බස් රථ හා වෑන් රථ සඳහාද විවෘත බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් මගින් පවසයි.
ඒ අනුව 06 වෙනිදායින් එළඹෙන නව පාසල් වාරයේ සිට බස් ප්‍රමුඛතා මංතීරු පාසල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන බස්රථ සහ වෑන් රථ සඳහා භාවිත කළ හැකි බව අමාත්‍යාංශය පවසයි.