ස්වාධීන විගණන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. පෞද්ගලික මන්ත්‍රීයෝජනාවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් එය පාර්ලිමේන්තු මහලේකම්වරයාට බාරදුන්නේය.
පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙනුවෙන් නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා මෙම පනත් කෙටුම්පත අද(17දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී බාරගත් බව සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.