මස්කෙළිය සාමීමලේ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා හැටන් සිට මස්කෙළිය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හැටන් බගවන්තලාව ප්රධාන මාර්ගයේ වනරාජා ප්රදේශයේදී මුහුණට මුහුණලා ගැටීමෙන් බස් රථ දෙකේම ගමන් ගත් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 26 ක් තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අද ප.ව. 4.45ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, බස් රථ දෙකේම අධික වේගය අනතුරට හේතු වී ඇතැයි අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන හැටන් පොලීසිය පවසයි.
\