අඛණ්ඩ මුදල් ප්‍රතිපත්ති ලිහිල්කරණය මධ්‍යයේ වුවද, බැංකු පද්ධතිය මගින් පෞද්ගලික අංශයට ලබාදුන් ණය අඩු මට්ටමක පැවති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස දේශීය මුදල් වෙළෙඳ පොළ තුළ විශාල අතිරික්ත ද්‍රවශීලතාවයක් එක්රැස් වී ඇති බවත් මුදල් මණ්ඩලය විසින් පසුගිය මාස කිහිපය තුළ නිරීක්ෂණය කළ බව මහ බැංකුව පවසයි.
එම අතිරික්ත ද්‍රවශීලතාවය බැංකු පද්ධතිය තුළ සැලකිය යුතු කාල පරාසයක් භාවිතයට නොගෙන පවතිනු වෙනුවට, ඵලදායී ආර්ථික කටයුතු සඳහා උපයෝගී කරගත යුතු බවද මුදල් මණ්ඩලයේ අදහස වී තිබේ.
ඒ අනුව, වාර්ෂිකව 6.5% ක් වූ මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම දිනදර්ශිත මාසයකට උපරිම අවස්ථා තුනක් දක්වා සීමා කිරීමට මුදල් මණ්ඩලය තීරණය කළ බව මහ බැංකුව පවසයි.
එහිදී, මෙම අවස්ථා තුන ඉක්මවා නිත්‍ය තැන්පතු පහසුකම භාවිත කිරීමේදී අදාළ වන පොලී අනුපාතිකය වාර්ෂිකව 5% ක් වනු ඇති බවද මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
මෙම ක්‍රියාමාර්ගය නැවත දැනුම් දෙනතුරු අද (23දා) සිට බලපැවැත්වෙන බවත්, 2014 සැප්තැම්බර් මස ඉතිරි කාල පරිච්ඡේදය සඳහා නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) හරහා විවට වෙළෙද පොළ කටයුතු සඳහා ප්රවේශවීම අවස්ථා දෙකකට පමණක් සීමා කර ඇති බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසයි.