රජය විසින් වැඩිකරන ලද රුපියල් 2,500 වැටුප් වැඩි වීම තවමත් බොහෝ පෞද්ගලික ආයතන විසින් සේවකයන් වෙත ලබා නොදෙන බව වාර්තාවන අතර මෙම පනත රටේ නීතියක් බවට පත්ව ඇති හෙයින් කිසිවකුට එය පැහැර හැරීමට කිසිවකුට නොහැකි බව කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ සෙනවිරත්න මහතා පැවසීය.
රජය විසින් පෞද්ගලික අංශයේ සේවය කරන සේවක සේවිකාවන් සඳහා වැඩිකළ රුපියල් 2,500 වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ඇතුළු ප්‍රධාන කාරණා කිහිපයක් පිළිබඳ සාකච්ඡාකෙරුණූ ජාතික කම්කරු උපදේශක සභාවේදී අමාත්‍යවරයා මේබව පැවසීය.