පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක් සකස්කීරීමට වත්මන් ආණ්ඩුවට හැකිවේනම් රට දිනුම් යැයි පාර්ලීමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනවිරත්න මහතා අද(28දා) පාර්ලිනේතුවේදී පැවසීය. අයවැය දෙවැනිවර කියැවීමේ විවාදයේ හයවැනි දිනයේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේබව කීය.
පෞද්ගලික අංශයට විශ්‍රාම වැටපක් සකස්කරදීමේන් රැකියා ප්‍රශ්නයටද විසදුම් ලැබෙන බවත් සැලසුම් සහගත ක්‍රමයකට එය සිදුකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මන්ත්‍රීවරයා අගමැතිවරයාගෙන්ද ඉල්ලීය. මෙම ක්‍රමය මගින් සියලුදෙනා සතුටුකළ නොහැකි උවද ජාතික ගැටලුවකට විසදුම් ලැබෙන බැවින් එමගින් සාර්ථකත්වයක් ලබාගතහැකිබවත් ලක්ෂ්මන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශකළේය.