පෝර්ට් සිටි නගරයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 50 ක ගොඩකිරීම් මේ වනවිට අවසන් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මහතා සඳහන් කළේය.
මෙහි සමස්ත භූමි විශාලත්වය හෙක්ටයාර් 269ක් බවත්, 2019 වසර වනවිට මෙහි ගොඩකිරීම් සම්පූර්ණයෙන් අවසන් වන බවද හෙතෙම පවසා සිටියේය.
2040 වර්ෂය වනවිට වනවිට අංග සම්පූර්ණ මූල්‍ය නගරයක් නිර්මාණය වන බවත්, රටට අලුතින් ගොඩබිම් කොටසක් එකතුවී තිබෙන නිසා ඉදිරියේදී ලංකා සිතියමක් අලුතින් නිර්මාණය කරන බවද අද (25දා) දින පෝර්ට් සිටි නගරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.