පොළොන්නරුව නෙලුම්විල ප්රදේශයේ ඩෝසර් හා ට්රැක්ටර් යොදා ගනිමින් ඉපැරණි නටබුන් රැසක් හා වටිනා ශාක වර්ග විනාශ කර එම භූමියේ තණකොළ වගා කිරීමේ කුමන්ත්රණයක් ක්රියාත්මක වන බව ප්රදේශවාසීහු පෙන්වා දෙති.
මේ වන විට අක්කර 1000 කට වැඩි භූමි ප්රමාණයක් වනසා සිදු කර ඇති නටබුන් විනාශත් පරිසර හානියත් වහාම නතර කර ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පොළොන්නරුව නෙලුම්විල අග්රබෝධි විහාරාධිපති පොළොන්නරුවේ අරියධම්ම නා හිමියෝ පැවසූහ.
සියවස් තුනක ඉතිහාසයක් ඇති පොළොන්නරුවේ මෙවැනි නටබුන් විශාල වශයෙන් වනයෙන් වැසී ඇති බවත් ජනතාවට විවෘත නොවුන මෙවැනි ඉපැරණි නටබුන් ඩෝසර් වලින් වනසා දැමීමට කිසිදු අයෙකුට නීතියෙන් අවසර නොමැති බවද උන්වහන්සේ පෙන්වා දෙති.
එම භූමියේ ඉපැරණි නටබුන්වලට හානි කර එහි තකැන්පත් කර තිබූ නිධන් වස්තු සංවිධානාත්මක කල්ලියක් විසින් රැගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවත් එම භූමියේ තිබූ වටිනා ශාක වර්ග කපා ප්රදේශයේ බේකරි වලට රාත්රී කාලයේ ප්රවාහනය කරන බවද ප්රදේශවාසීහු පවසති.
මෙම ඉපැරණි නටබුන් හා පරිසර විනාශයට ජනාධිපතිවරයා හෝ අදාළ බලධාරීන් මැදිහත් නොවුන හොත් කාන්තාරයක් බවට පත් වන බව අරියධම්ම නාහිමියෝ පෙන්වා දෙති.
මනම්පිටිය නිමල් ජයරත්න