පොසොන් වන්දනාවේ යෙදෙන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා අද (10දා) සිට විශේෂ දුම්රිය සේවා රැසක් ක්රියාත්මක බව දුම්රිය ගමනාගමන අධිකාරී එල්.ඒ.ආර්. රත්නායක මහතා 'අද' ට පැවසීය.
කොළඹ කොටුවේ සිට අනුරාධපුරය දක්වාත්, අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වාත්, මිහින්තලයේ සිට කොළඹ කොටුව දක්වාත් මෙම විශේෂ දුම්රිය සේවාව ක්රියාත්මක වේ.
අධික මගී තදබදයක් පවතින මෙම කාලසීමාව තුළදී දුම්රිය පාපුවරුවේ ගමන් නොකරන ලෙසද, උතුරු දුම්රිය මාර්ගයේ පටු පාලම් රැසක් පවතින බැවින් අනාරක්ෂිතව දුම්රියේ ගමන් නොකරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටින බව රත්නායක මහතා පැවසීය.
තවද දුම්රියේදී හමුවන මිනිසුන් ලබාදෙන ආහාර ලබානොගන්නා ලෙසත්, තම මුදල් පසුම්බි, බෑග් ආරක්ෂා කරගන්නා ලෙසත් රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
පොසොන් පොහොය නිමිත්තෙන් අද (10දා) සිට 16 දක්වා අනුරාධපුර දිස්ත්රික්කයේ සියලුම සුරාසැල්, මස් අලෙවි සැල් වසා තැබෙන බවද 'අද' ට වාර්තාවේ.