මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්දිවට බුදුදහම ස්ථාපිත කිරීම සිදුවුණු පොසොන් පොහෝ දිනය අදට යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේ බුදු වී සිව්වන සතියේ “රුවන්ගෙයි“ වැඩ සිටියදී ප්‍රථම වරට උන්වහන්සේගේ ශරීරයෙන් සවනක් බුදුරැස් විදිඳීම ද ලක්දිව ප්‍රථම මහන උප සම්පදා පිංකම සිදුකිරීම ද අද වැනි පොසොන් පොහෝ දිනයකට යෙදී තිබේ.
පොහෝ දිනය නිමිත්තෙන් අනුරාධපුරය කේන්ද්‍ර කරගනිමින් දිවයින පුරා වෙහෙර විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල දානශීල භාවනා ආදී පිංකම් පැවැත්වෙන අතර පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය, මිහින්තලය සහ තන්තිරිමලය සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් වන්දනාකරුවන් විශාල පිරිසක් පැමිණෙනු ඇති බවට විශ්වාස කර වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 3000ක් පමණ යොදවා ඇති බව පොලීසිය පැවසීය.