ජාතික පොසොන් සතිය හේතුවෙන් අද(01) සිට ලබන 05 වන දා දක්වා අනුරාධපුර නගරයේ පාසල් 12ක් වසා දැමීමට උතුරුමැද පළාත් අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ. පොසොන් සතියේ රාජකාරීවලට පැමිණෙන පොලිස් නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සඳහා මෙම පාසල් යොදා ගැනේ. අනුරාධපුර නගරයේ පාසල් 9 ක්, ගලෙන්බිඳුනුවැව අධ්‍යාපන කලාපයේ පාසල් 2 ක් හා තන්තිරිමලේ පූජා භූමිය අසල පාසලක් එලෙස වසා දමයි.