පොලොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති නියඟ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සැපිරීම සඳහා දිනකට ජල ලීටර් 586,500ක් බෙදා හැරෙන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද ට පැවසීය.
මේ වන විට දිඹුලාගල, මැදිරිගිරිය හා වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පාසල් 23කට ද පානීය ජලය සැපයේ
අද (04) වන විට දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 195ක පවුල් 63,052කට අයත් පුද්ගලයන් 211,992 දෙදෙනෙකු නියඟය නිසා පීඩාවට පත් ව සිටිති.