සේවය නිම කර නිවසට පැමිණි පසු රෝගීව සිටින මව බැලීමට මවගේ නිවසට යමින් සිටියදී ඇල්පිටිය ඉදිගස්වලදී පුද්ගලයෙක් කළ පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ යක්කලමුල්ල පොලීසියේ කොස්තාපල්වරයෙකු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්පිටිය පොලීසිය පවසයි.
අනතුරට පත් කොස්තාපල්වරයා සේවය අවසන් කර සිය මව බැලීම සඳහා මවගේ නිවසට යන අතරතුරදී මෙම අනතුරට ලක්වූ බව පොලීසිය සඳහන් කරයි.
මෙම කොස්තාපල්වරයාගේ පියා සහ පහර දුන් පුද්ගලයා අතර පවතින ඉඩම් ආරවුලක් මත පහරදීම සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
මේ වනවිට සැකකරු ප්රදේශයෙන් පලා ගොස් සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් ඇල්පිටිය පොලීසිය පවසයි.
ගාල්ල රවිදු දීයගහගේ/ජිනේෂ් නානායක්කාර