පොලීසියේ නම වෙනස් වෙයි
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මින් ඉදිරියට ශ්‍රී ලංකා පොලීසිය ලෙස හැඳින්වීම සඳහා නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකා පොලීසිය හැඳින්වීම සඳහා එක් එක් කාලවකවානුවලදී විවිධ නාමයන් යොදාගෙන තිබේ. 1865 අංක 16 දරන පොලිස් ආඥාපනත හා පොලිස් දෙපාර්තමේන්තුවේ නියෝග යටතේ එය 'ශ්‍රී ලංකා පොලිස් බලකාය' වශයෙන්ද, 1945 න් පසු 'ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව' වශයෙන්ද හඳුන්වා තිබේ.1972 වර්ෂයේ සිට මේ දක්වා පොලිස් දෙපාර්තමේන්තුව හැඳින්වීම සඳහා 'ශ්‍රී ලංකා පොලිස් සේවය' යන නාමය භාවිත කරයි.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව, සිය 150 වැනි සංවත්සරය මෙම වසරේදී සමරනු ලබන අතර, ඒ අනුව එම දෙපාර්තමේන්තුව හැඳින්වීම සඳහා සම්මත නාමයක් යොදා ගැනීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන ඒ සඳහා 'ශ්‍රී ලංකා පොලීසිය' යන නාමය මින් ඉදිරියට භාවිත කිරීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

