ලබන වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරින් පහළ තනතුරු දස දහසකට ස්ථාන මාරුවීම් ලබාදීමට සැලසුම් කර තිබේ.
මේ අනුව උතුරු නැගෙනහිර ප්‍ර‘දේශවල වසර 02කට වැඩි කාලයක් සේවය කළ පොලිස් නිලධාරීන් 4462 ක් සාමාන්‍ය රාජකාරියටත්, සාමාන්‍ය රාජකාරියේ නිරතවන පොලිස් නිලධාරීන් 4462 ක් උතුරු නැගෙනහිර ප්‍ර‘දේශවලටත් මාරු කිරීමට නියමිතය.
මීට අමතරව සාමාන්‍ය ප්‍ර‘‘දේශවල රාජකාරී කටයුතු කරන පොලිස් නිලධාරීන් 846 දෙනෙකුටත් ස්ථාන මාරුවීම ලබාදීමට නියමිතය.
ස්ථාන මාරුවීම් ලබාදීමට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 12 දෙනෙකුට උසස්වීම් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 05 දෙනෙකුට සේවා දිගු ලබාදීම පිළිබඳවත් පොලිස් මූලස්ථානයේ අවදානය යොමු කර තිබෙන බවත් වාර්තාවේ.
මේ අනුව දැනට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරේ සේවය කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ මහතා, නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කිරීමටද නියමිතය.
මීට අමතරව පොලිස් සැරයන් තනතුරේ සිට උපපොලිස් පරීක්ෂක තනතුරු සහ උපපොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරු දක්වා නිලධාරීන් උසස් කිරීමට මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පවත්වමින් තිබේ.