ශ්රී ලංකා පොලීසිය ආරම්භ කර අදට (03දා) වසර 151ක් සම්පූර්ණ වෙයි. ශ්රී ලංකා පොලීසිය 1866 වසරේ සැප්තැම්බර් මස 03 දා ආරම්භ කර තිබේ.
විශිෂ්ඨත්වයේ ගමන පෙරටම යන තේමා පාඨය යටතේ මෙවර පොලිස් සංවත්සරය සමරන අතර වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා 34 වැනි පොලිස්පති වෙයි.
එසේම මේ වන විට පොලීසියට වාර්තා වන මිනි මැරුම්වලින් 93%ක්ද, දේපළ සම්බන්ධයෙන් වන වැරදි වලින් 75%ක්ද විසඳීමට සමත්ව ඇත.
ප්රධාන පොලිස් සංවත්සර සැමරුම 07 දා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්ෂේත්ර බළකා මූලස්ථානයේදී පැවැත්විමට නියමිතය.