ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරනු ලබන විමර්ශන කටයුත්තක් සඳහා අවශ්‍ය එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයෙක් පිළිබඳව තොරතුරු පොලීසිය විසින් නිකුත් කර තිබේ.
ඔහු පිළිබඳව සත්‍ය තොරතුරු ලබාදෙන්නෙකුට රුපියල් මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බවද පොලිස් මූලස්ථානය පවසයි.
තේවියන් යන නමින් හැඳින්වෙන සැකකරු දිවයිනේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් ගැවසෙන පුද්ගලයෙක් වන බවත්, ඔහු කොළඹ අවටද ගැවසීමට ඉඩකඩ ඇති බවත් පොලීසිය පවසයි.
සැකකරු පිළිබඳව තොරතුරක් ලදහොත් දුරකථන අංක 0112451636 හෝ ෆැක්ස් අංක 0112321838 වෙත දැනුම් දෙන ලෙස පොලීසිය පවසයි.