150 වන පොලිස් දිනය අදට යෙදී තිබේ. ඒ වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් නිකුත් කිරීමට නියමිතය. අද සිට පොලිස් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොලිසිය ලෙස වෙනස්වීමට නියමිතය. මේඅතර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් පොලිස් ගීතය ද එළිදැක්වීමට නියමිතය.
ප්‍රධාන නිල උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරුවේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.