ඉමදූව පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි වෙළෙඳ සැල් පහක් 03දා රාත්‍රියේ සොර කණ්ඩායමකගේ ග්‍රහණයට නතුව ඇති බව බව ඉමදූව පොලීසිය පවසයි.
පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් ඇතුළු වෙළෙඳ සැල් පහක් මෙසේ සොරුන්ගේ ග්‍රහණයට නතුව ඇත.
ඉමදුව නගරයේ වෙළෙඳ සැල්වල සවිකර ඇති සීසීටීවී කැමරා උපයෝගී කරගෙන පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මෙතෙක් සිදු කළ පරීක්ෂණවලින් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
මෙයින් සිදු වූ පාඩුව මෙතෙක් තක්සේරු කර නමැත. ඉමදූව නගරයේ වෙළෙඳ සැල් හිමියන් මෙයට පෙර වෙළඳ සංගමය විසින් පුද්ගලික ආරක්ෂක ඒකකයක් ක්‍රියාත්මක කළ ද, නව පොලිස් ස්ථානයක් නගරයේ ස්ථාපිත කිරීම නිසා වෙළෙඳ සංගමය විසින් මෙම පුද්ගලික වෙළෙද සැල් ආරක්ෂක ඒකකය නතර කර තිබුණි.