පොලීසිය පොදුජන සේවය සඳහාම විය යුතු ආයතනයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ඇතැම් දේශපාලනඥයින් පොලීසිය තමන් වෙනුවෙන් භාවිත කිරීමට මෙන්ම ඇතැම් පොලිස් නිලධාරීන් දේශපාලනඥයින්ට සමීප වීමට ඇතැම් කටයුතු සිදුකරන බවද ජනාධිපතිවරයා පැවසීය.
බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති 150 වන පොලිස් දින සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
කෑමක් බීමක් නැතිව, ආරක්ෂාවක් නැතිව පැය 10ක් 12 ක් සේවය කරන පොලිසියේ පහළම ශ්‍රේණියේ රාළහාමිට පොලිසියට වසර 150 ක් පිරෙන අද දවසේ රටේ ජනාධිපති විදිහට මම මගේ පෞද්ගලික ගෞරවය පුදකරනවා“ යනුවෙන්ද ජනපතිවරයා සමරු උත්සවය අමතමින් ප්‍රකාශකළේය.