සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් ඊයේ 10දා පැවැත්වූ උද්ඝෝෂණයට සහභාගී වූ සිසුන්ට පහරදීමට පොලීසිය යකඩ පොලු යොදාගෙන තිබූ බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා පැවසීය.
කොල්ලුපිටිය සීඑම්යූ ශාලාවේදී අද (11දා) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කැඳවුම්කාරවරයා,
“මීට පෙර උද්ඝෝෂණවලට සහභාගී වූවන්ට පහරදීමට පොලීසිය බැටන් පොලු යොදා ගත්තද මෙවර යකඩ පොලු යොදා ගෙන ඇත්තේ සිසුන්ට තුවාල කිරීමේ අරමුණිනුයි. වෙනත් උද්ඝෝෂණ අවස්ථාවලදී සිසුන් පලවාහැරීමට කඳුළුගෑස් උණ්ඩ එල්ල කිරීම සිදු කළ ඊයේ උද්ඝෝෂණයේදී සිසුන්ට තුවාල කිරීමට කඳුලු ගෑස් උණ්ඩ එල්ල කර තිබුණා.
රෝහලකට ඇතුළත් කළ රෝගියෙකුට ලැබිය යුතු අවම සැලකිල්ල පවා නොසලකා හරිමින් කුරුඳුවත්ත පොලීසිය විසින් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර සිටි සිසුන්ගෙන් ඊයේ රාත්‍රී 9.30ට පමණ කටඋත්තර ලබාගෙන තිබුණු බවත්,රෝහල් බලධාරීන් සිසුන්ගේ ලිපිනයන් ලබාගෙන තිබුණා.
කම්කරු අරගල මධ්‍යස්ථානයේ දුමින්ද නාගමුව ඇතුළුව තුවාල ලැබූ පස්දෙනෙකු තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා’’ යැයි ද පවසා සිටියේය.