මෙම වසරේ ගත වූ මාස 10 තුළ පොලිස් ස්ථාන තුළ මනුෂ්‍ය ඝාතන 09ක් හා බන්ධනාගාරයක් තුළ එක් ඝාතන තැතක් සිදු වී ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.
එම කොමිසම විසින් මෙම වසරේ ගත වූ මාස කිහිපය තුළ සිදු වී ඇති මෙම සිද්ධීන් සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවක මෙය දැක්වේ.
මෙවැනි සිදුවීම් හරහා මෙරට නීති සාධන බලධාරීන් විසින් රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් දක්වන අතිශය නොසැලකිලිමත් භාවය පෙනී යන බව එම කොමිසම පෙන්වා දේ.
මෙම තත්ත්වයට මෙරට සියලු පොලිස් ස්ථානවල සේවය කරන සියලු පොලිස් නිලධාරීන් වගකිව යුතු බවද බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙමගින් ජනතා වගේ ජීවිත පිළිබඳව වන අසාමාන්‍ය නොසැලකිලිමත්භාවය පොලීසියේ ඉහළ සිට පහළ තලය දක්වා පැතිර ඇති බවද මෙහි වැඩිදුරටත් සඳහන් වේ.