ශ්‍රී ලංකා පොලීසිය විසින් පසුගිය වසරේ සහ මෙම වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළ දිවයිනම ආවරණය වන පරිදි සිදුකර ඇති විශේෂ මෙහෙයුම් ක්‍රියාදාමය තුළ ගිනිඅවි 637ක් හා උණ්ඩ 3001ක් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව ටී-56 වර්ගයේ ගිනි අවි 25ක් හා උණ්ඩ 1725ක්, පිස්තෝල 80ක් හා උණ්ඩ 706ක්, බෝර 12 ගිනිඅවි 60ක් හා උණ්ඩ 83ක්, රිවෝලර් 157ක් හා උණ්ඩ 64ක්, බඳින තුවක්කු 284ක් හා උණ්ඩ 27ක්, රිපීටර් වර්ගයේ ගිනිඅවි 04ක් හා උණ්ඩ 14ක්, ගල්කටස් වර්ගයේ ගිනිඅවි 16ක් හා උණ්ඩ 08ක්, වෙනත් ගිනිඅවි 11ක් හා උණ්ඩ 374ක් අත්අඩංගුවට ගෙන තිබේ.
වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති ධුරයට පත්වීමෙන් පසු සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් මැඬපැවැත්වීම යටතේ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් මගින් සිදුකරන ලද මෙහෙයුම් තුළින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.