වර්තමානයට ගැළපෙනනව පොලිස් ස්ථාන මාරුවීම් හා උසස්වීම් ක්‍රමවේදයක් සකස්කරන ලෙසට පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන් බව නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කළේය.
පවතින උසස්වීම් හා මාරු ක්‍රමවේදයේ ගැටලු පවතින බවට වාර්තාවන බැවින් එම ගැටලු මඟහරවා ගැනීම සඳහා අදාළ ක්‍රමවේද සකස් කරන ලෙසට උපදෙස් ලබාදුන් බවද පවසා සිටියේය.
පොලිස් නිලධාරීන් සිදුකරන සේවය වර්තමාන ආණ්ඩුව අගයන බවත් මේ අනුව පොලිස් නිලධාරීන්ට ඇති වී තිබෙනා ගැටලුවලටවිසඳුම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද සඳහන් කළේය.