දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම ආබාධිත පුරවැසියන්ට රෝද පුටුවකින් ගමන් කළ හැකි ආකාරයට පහසුකම් සකස් කරන්නැයි නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට උපදෙස් ලබාදී තිබේ.
මීට අමතරව පොලීසියට බඳවාගැනීමේදී දෙමළ භාෂාව පිළිබඳ දැනුම විශේෂ සුදුසුකමක් සේ සැලකීමට අවධානය යොමුකරන ලෙසටද පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත. රෝද පුටුවකින් ප්‍ර‘වේශවීමේ මාර්ග සකස් කිරීම අද (19දා) සිට ක්‍රියාත්මක බවද අමාත්‍යවරයා සඳහන් කළේය.