මැතිවරණ රාජකාරි කටයුතු සඳහා යොදවාගැනීමට සැලසුම් කර තිබෙන පොලිස් නිලධාරීන් 71,000කට අධික පිරිසෙන් 65,000කට අධික පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් අද (06දා) සිට රාජකාරියේ යොදවන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මැතිවරණ ප්රචාරක කටයුතු ඊයේ (05දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ බවත්, මේ නිසා මැතිවරණයට අදාළව කිසිදු ප්රචාරක කටයුත්තක් සිදුකළ නොහැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
යම් ලෙසකින් මෙම නීතිය උල්ලංඝනය කරමින් මැතිවරණ ප්රචාරක කටයුතු හෝ පෙළපාළි යාම සිදුකළහොත් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු පවසා සිටියේය.
ස්ථිර මාර්ග බාධක 420 ක් යොදවන බවත්, ක්ෂණික මාර්ග බාධක යෙදවීමට කටයුතු කරන බවත් හෙතෙම සඳහන් කළේය.