ඇල්පිටිය පොලීසිය තුළදී අද (16දා) පෙරවරුවේ පොලිස් නිලධාරියෙකු අත තිබූ ගිනිඅවියක් ක්රියාත්මක වීමෙන් සිදුවූ අනතුරකින් අසල සිටි පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබේ.
විශේෂ රාජකාරි සඳහා ඇල්පිටිය පොලීසියට අනුයුක්ත කර සිටි පොලිස් සැරයන්වරයෙකු මෙලෙස තුවාල ලබා ඇති අතර, ඔහු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල්ගත කළ පොලිස් නිලධාරියාගේ තත්ත්වය බරපතළ නොවන බව ඇල්පිටිය පොලීසිය පවසයි.
ඇල්පිටිය පොලීසියේ දිවා රාජකාරිය භාර නිලධාරිවරයා ලෙස සේවය කර ඇති පොලිස් සැරයන්වරයෙකු අත තිබූ ගිනිඅවියක් අත්වැරදීමකින් මෙලෙස ක්රියාත්මක වී ඇතැයි ඇල්පිටිය පොලීසියේ ප්රකාශකයෙක් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්යෙන් ඇල්පිටිය වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
අහුන්ගල්ල - තමිඳු මධුසර ලියනගේ