අනිකා විජේසූරිය මහත්මියට සිදුකළ මරණ තර්ජන ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මගින් සිදුකරන පරීක්ෂණ නවතා දැමීම සඳහා හෝ එම පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමට පොලිස්පතිවරයාට කිසිදු පාර්ශ්වයකින් බලපෑමක් එල්ල වී නොමැති බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම ඒ පිළිබඳව වන පරීක්ෂණ අඛණ්ඩව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරන බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, විශේෂ විමර්ශන ඒකකය, කොළඹ අපරාධ කොට්ඨාසය හෝ කොළඹ වංචා විමර්ශන අංශය මගින් සිදුකරන විමර්ශනවලටත්, අනෙකුත් ඕනෑම පොලිස් ස්ථානයක් හෝ එකකයක් මගින් සිදුකරන විමර්ශන වලටත් කිසිදු බලපෑමක් නැති බව එම නිවේදනයේ දැක්වෙයි.